අන්තර්ජාතික කම්කරු දින සැමරුම නිමිත්තෙන් ජාතික ජන බලවේගයෙන් මැයි රැලි 21ක් රට පුරාම දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
ඒ අනුව ජාතික ජන බලවේගය සැලසුම් කර ඇත්තේ රටපුරා මැයි රැලි 21ක් රටපුරා දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමටයි.
උතුරේ කඳුකරයේ සහ කොළඹ දී මැයි රැලි 3ක් සංවිධානය කිරීමට ඔවුන් මීට පෙර සැලසුම් කර තිබුණා.
නමුත් පවතින ඉන්ධන අර්බුදකාරී තත්ත්වය හමුවේ සිය පක්ෂ සාමාජිකයන්ට මැයි දිනයට සහභාගී වීමට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීම අසීරු කාරණයක් වීම යන කරුණු ජාතික ජන බලවේගයේ නායකයන්ගේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.
පක්ෂයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකයින්ගේ සහභාගිත්වයෙන් පැවැති හමුවකදී දිස්ත්‍රික් සංවිධායකයින්ගේද අදහස් හා යෝජනා අනුව අවසානයේදී තීරණය කර ඇත්තේ, දිස්ත්‍රික් මට්ටමින් උපරිම පිරිසක් සහභාගි කර ගනිමින් මැයි දින පෙළපාලියක් සහ රැස්වීමක් පැවැත්වීමටයි.
ජනාධිපතිවරයා බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික් දෙක සම්බන්ධ කරගනිමින් පවත්වන කඳුකරයේ මැයි රැළියටත් මහරගම දී පවත්වන මැයි දින සැමරුමටත් සහභාගී වීමට ද මෙහිදී යෝජනා වී තිබෙනවා.
ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා තංගල්ලේ දී සහ මාතර පැවැත්වෙන රැළියට සහ අගමැති ආචාර්ය හරිනි අමරසුරිය රත්නපුරේ සැමරුමටත් සහභාගී වීමට නියමිත ඇති බව සඳහන්.
අමාත්‍ය ලාල් කාන්තගේ සහභාගීත්වයෙන් මහනුවර, කෑගල්ල සහ කුරුණෑගලදීත්, පුත්තලම සහ ගම්පහ දීත් අමාත්‍ය විජිත හේරත් මහතාගේ සහභාගීත්වයෙන් රැළි පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ඊට අමතරව ගම්පහ දී අමාත්‍ය බිමල් රත්නායකගේ සහභාගීත්වයෙන් උතුරේ දී මැයි රැලි පවත්වන අතර සුනිල් හඳුන්නෙත්ති, නලින්ද ජයතිස්ස, අනුර කරුණාතිලක, හර්ෂණ නානායක්කාර යන ඇමතිවරැන්ද දිස්ත්‍රික් මට්ටමින් පවත්වන මැයි දින සැමරැම් සඳහා සහභාගි වීමට නියමිත බව වාර්තා වනවා.
ජාතික ජන බලවේගයේ මෙවර මැයි දින සැමරුමේ තේමාව වන්නේ ‘ජන රජයට ජන බලයක්’ යන්නයි.







Leave a Reply