Loading...

නව මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් රැඳවියන් 11කට තුවාල

නව මැගසින් බන්ධනාගාරයේ ඊයේ (07) රාත්‍රියේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වයෙන් රැඳවියන් 11 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ, මේ වන විට තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවයි.

සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන රැඳවියන් 9 දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමට ද පියවර ගෙන තිබෙනවා.

නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා ඊයේ රාත්‍රියේ පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාගෙන ඇති අතර, මේ වන විටත් බන්ධනාගාර පරිශ්‍රයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

මේ අතර, සිද්ධියට හේතු වූ කරුණු සොයා බැලීම සඳහා බන්ධනාගාර පරිපාලනය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් අද (08) දිනයේ බන්ධනාගාරයේ අමුත්තන් පෙන්වීමද තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *