මැදපෙරදිග කලාපයට තවත් අමතර 10000ක පමණ ගොඩබිම් භට පිරිසක් යැවීමට පෙන්ටගනය සලකා බලමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.
Wall Street Journal පුවත්පත වාර්තා කරන්නේ ටෙහෙරානය සමඟ සාම සාකච්ඡා පැවැත්වීම කෙරෙහි අමෙරිකානු ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබිය දී ඔහුට තවත් හමුදාමය විකල්ප ලබාදීම සඳහා මෙලෙස සලකා බලමින් සිටින බවයි.
මේ අතර ඉරානය සමඟ යුද්ධය ජයගෙන ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කර තිබිය දීත් ගොඩබිමේ සහ දියෙහි ගමන් ගන්නා යුද නැව්, ගොඩබෑමේ යාත්රා සහ දහස් ගණන් මැරීන් භටයින් සහ නාවිකයින් කලාපයට යොදවා ඇත්තේ කාර්ග් දුපත අල්ලා ගැනීමට විය හැකි බව යුද විශේෂඥයින් මත පළව තිබෙනවා.
ඉරානයේ බොරතෙල් අපනයනයෙන් 90%ක් පමණ හසුරු වන ටෙහෙරානයේ ආර්ථික ජීවනාලියක් වන කාර්ග් දූපත අල්ලා ගැනීමට එක්සත් ජනපදය සැලසුම් කරන්නේ ද යන්න සම්බන්ධව මෙම මැරීන් භටයින් දහස් ගණනක් යෙදීම පිළිබඳව සැක මතුව ඇති බව සඳහන්.








Leave a Reply