Loading...

ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලානය දිනා අදට වසර 10ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කර අද (06) වසර 10ක් සපිරෙනවා.

2014 වර්ෂයේ බංග්ලාදේශයේ ඩකා අගනුවර පැවැති තරඟයේ දී ඉන්දියාව පරදා ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6කින් ජය ගැනීමට සමත් වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා.

පන්දුවාර 20 අවසානයේ ඉන්දීය කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 130ක් රැස් කිරීමට හැකි වුණා.

ලකුණු 131ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 5කදී සිය ජයග්‍රහණ සීමාව පසු කරමින් විස්සයි විස්ස ලෝක කුසලානය තමන් සතු කර ගනු ලැබුවා.

අවසන් තරඟයේ වීරයාට හිමි සම්මානය කුමාර් සංගක්කාරහට හිමි වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *