මීගොඩ ප්‍රදේශයේ දන්සැලක පෝලිමක සිටි පිරිසක් දෙසට කැබ් රථයක් ධාවනය වීම හේතුවෙන් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙක් මියගොස් තිබෙනවා.
පොලීසිය පැවසුවේ අනතුරින් තුවාල ලැබූ තවත් කුඩා දරුවෙකු ඇතුළු 7 දෙනෙකු හෝමාගම මුලික රෝහලට ඇතුළත් කර ඇති බවයි.
අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයක් මීගොඩ මංසන්ධියේ පැවති දන්සැලක පෝලිමක සිටි පිරිසක් දෙසට ධාවනය වී ඇති බව වාර්තා වනවා.
එම අවස්ථාවේ දී අදාළ දන්සැල් පෝලිමේ සිටි වයස අවුරුදු 15, අවුරුදු 32 සහ අවුරුදු 56 හැවිරිදි කාන්තාවන් තිදෙනෙකු, වයස අවුරුදු 35 සහ 38 වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් තිදෙනෙකු මෙලෙස මියගොස් ඇති බව සඳහන්.
පොලීසිය පැවසුවේ මියගිය පිරිස අතර පාදුක්ක ප්‍රදේශයේ එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු සහ පිළියන්දල ප්‍රදේශයේ අඹුසැමි යුවලක් ද සිටින බව වාර්තා වනවා.
කැබ් රථයේ රියදුරු මේ වන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.








Leave a Reply