විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා රජය ඉදිරිපත් කර ඇති යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතවරියක් කනස්සල්ල පළකර තිබෙනවා.
විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් මහත්මිය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියකින් මේ බව සඳහන් කර ඇත.
යෝජිත සංශෝධනය ක්‍රියාත්මක කිරීමෙන් අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ පවතින විශ්වාසයටද අහිතකර බලපෑම් එල්ල විය හැකි බව ඇය පෙන්වා දෙනවා.
විශේෂයෙන්ම දැනට සේවයේ නිරත විනිසුරුවරුන්ගේ ධුර කාලය වෙනස් කිරීම මගින් විධායකය සහ ව්‍යවස්ථාදායකය හරහා අධිකරණයට අනිසි බලපෑම් එල්ල වීමේ අවදානමක් පවතින බවද ඇය සඳහන් කර තිබෙනවා.
එබැවින් අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු වන ආකාරයෙන්, විනිවිදභාවයෙන් සහ සියලු පාර්ශ්වයන්ගේ අදහස් විමසමින් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ඔස්සේ විශ්‍රාම වයස සම්බන්ධයෙන් කිසියම් වෙනසක් සිදුකරන ලෙස ඇය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත.
එමෙන්ම මෙම යෝජිත සංශෝධනය එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 14(1) වගන්තිය සහ අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මූලධර්ම සමඟ නොගැළපීමේ අවදානමක් ඇති බවද විශේෂ නියෝජිතවරිය අවධාරණය කර තිබෙනවා.







Leave a Reply