විදුලිබල මණ්ඩලයේ සමස්ථ සේවකයින් සියලු සේවාවන්ගෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමය පවසන්නේ අද (09) සවස 3 සිට සිය සේවාවන්වලින් ඉවත් වූ බවයි.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පැය 24ක කාලයක් ක්‍රියාත්මක වන බවද එම සංගමය සඳහන් කරනවා.
එම සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ විදුලිබල මණ්ඩලයේ මළ ගම සිදුවූ අද (09) වැනි දිනක රජය විසින් කිසිඳු සාධනීය පිළිතුරක් හෝ සාමුහික ගිවිසුමක් විදුලි සේවකයින් වෙත ලබාදී නොමැති බවයි.
සාමුහික ගිවිසුම ගැන අධ්‍යයනය කර සාකච්ඡාවක් ලබාදෙන තෙක් සේවයට නොපැමිණෙන බවද ඔවුන් අවධාරණය කරනවා.
කෙසේ වෙතත් බලාගාර සහ අනෙක් මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට එම සංගමය තීරණය කර තිබෙනවා.
නමුත් විදුලි බිඳ වැටීම්, නඩත්තු කටයුතු සියල්ල නතර කරන බවත් පැය 24 කාලය තුළ කොළඹ ජාතික රෝහල, මහනුවර සහ ගාල්ල ජාතික රෝහලේ මෙන්ම යුද හමුදා මුලස්ථානයට බාධාවකින් තොරව විදුලිය ලබාදීමට කටයුතු කරන බවද ඒ මහතා මෙහිදී කියා සිටියා.
වෘත්තීය සමිති 25ක් එක්ව මෙම වෘත්තීය ක්‍රියාමාර්ග තීරණය ගෙන ඇති බවද වාර්තා වනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ ලේකම් අජිත් දේවප්‍රිය මහතා වැඩිදුරටත් පවසන්නේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආණ්ඩුව දණ ගැස්වීමක් නොවන බවත් ප්‍රතිව්‍යුහගතකරණයට එකඟ වුවත් විදුලිබල සේවකයාට අසාධාරණයක් වන ක්‍රියාමාර්ගයකට කිසිසේත්ම එකඟ නොවන බවත්ය.








Leave a Reply