Loading...

ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති ලෙස ඉරාන් පත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුව පත්කර තිබෙනවා.

ඒ අනුව එම කමිටුවේ නව සභාපති ලෙස සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පත්කර ඇති බව සඳහන්.

කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර, තුෂිර රදැල්ල, සිදත් වෙත්තමුනි, අවන්ති කොළඹගේ, ප්‍රකාශ් ෂාෆ්ටර්, උපුල් කුමාරප්පෙරුම හා දිනාල් පිලිප්ස් යන මහත්වරු පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඇතුළු විධායක කමිටුව සිය ධුරවලින් අද (29) ඉල්ලා අස්වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශය හරහා සිදුවනු ඇති.

නව නිලවරණයකින් නිලධාරී මණ්ඩලයක් පත් කරන තෙක් ක්‍රිකට් ආයතනයේ සියලු තීන්දු තීරණ මින් පසු ඉරාන් වික්‍රමරත්න මහතාගේ නායකත්වයෙන් යුත් අතුරු පාලක කමිටුව විසින් සිදුකරනු ඇති.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *