‘වෝන් – මුරලි’ ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීම සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (24) රාත්‍රියේ දිවයිනට පැමිණියා.
ඩුබායි හිදී පැවැති පුහුණු කඳවුරකට සහභාගී වීමෙන් පසුව ඔවුන් මෙරටට පැමිණ තිබෙනවා.
ලෝක ටෙස්ට් ශූරතාව යටතේ පැවැත්වෙන තරඟ 2කින් යුත් මෙම තරඟාවලියේ සියලු තරඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව ඇති.
තරඟාවලියේ පළමු තරඟය ලබන 29 වනදා ආරම්භ වීමට නියමිතයි.
මෙම ටෙස්ට් තරඟාවලියට අමතරව ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් එක්දින තරඟ 2කට ක්‍රීඩා කිරීමට ද සැලසුම් කර තිබෙනවා.
එම තරඟය පෙබරවාරි 12 සහ පෙබරවාරි 14 වන දිනවල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.








Leave a Reply