2026 වසරේ සිව්වන කාර්තුව සඳහා විදුලි ගාස්තු 1.46%කින් ඉහළ නැංවීමට ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) යෝජනා කර තිබෙනවා.
ජාතික පද්ධති ක්රියාකරු (NSO) විසින් අදාළ කාර්තුව සඳහා විදුලි ගාස්තු 2.88%කින් ඉහළ නැංවීමට මුලින් යෝජනා කර තිබුණ ද, මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් සිදු කරන ලද මූලික සමාලෝචනයෙන් අනතුරුව එම ප්රතිශතය 1.46% දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇත.
කෙසේ වෙතත්, මෙම විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන අවසන් තීරණය හෙට (05) පැවැත්වීමට නියමිත මහජන උපදේශනයෙන් (Public Consultation) අනතුරුව ප්රකාශයට පත් කිරීමට නියමිතයි.
මෙම මහජන උපදේශනය සඳහා අදහස් දැක්වීමට කැමති පාර්ශ්වයන්ට 0770399119 යන දුරකථන අංකය ඇමතීමෙන් ඊට ලියාපදිංචි විය හැකි බව ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම් දෙනවා.







Leave a Reply