ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග හට නැවත වතාවක් තරඟ තහනමක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.
ඒ බංග්ලාදේශය සමඟ පැවැත්වෙන තුන්වන එක්දින ක්‍රිකට් තරඟයේ දී ඔහු ICC විනය නීති සංග්‍රහය උල්ලංඝනය කරමින් හැසිරීම හේතුවෙන්.
ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ විනිසුරු තීරණයකට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් ඔහු විසින් ICC විනය නීති සංග්‍රහයේ 2.8 වගන්තිය උල්ලංඝනය කර ඇති බවයි.
බංග්ලාදේශ ඉනිමේ 37 වැනි පන්දුවාරයේ හසරංග විසින් විනිසුරුවරයෙකුගේ සිය හිස් වැසුම උදුරා ගැනීමක් සිදුකළ බවත් එහිදී විනිසුරුවරයා සම්මච්චලයට ලක් කිරීමක් සිදු කර ඇති බවත් ICC පෙන්වා දී තිබෙනවා.
මේ වරද හේතුවෙන් ඔහුගේ විනය වාර්තාවට දඬුවම් ලකුණු 3ක් පනවා ඇති අතර තරඟ ගාස්තුවෙන් 50%ක දඩ මුදලක් ද ඔහුට නියම කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මාස 24ක් තුළ ඔහුගේ දඬුවම් ලකුණු ප්‍රමාණය 8ක් දක්වා ඉහළ යාම හේතුවෙන් ඔහුට එරෙහිව ටෙස්ට් තරඟ දෙකක් හෝ එක්දින තරඟ 4ක් හෝ විස්සයි විස්ස තරඟ 4ක් තහනමක් පැනවෙනු ඇති.
මෙම දඬුවම් ලකුණු 8ක් විනය වාර්තාවට ඇතුළත් වූ විට එය අත්හිටුවීමේ ලකුණු 4කට සමාන වීමක් සිදු වනවා.
ICC යේ මේ තීරණය සමඟ ඔහුට බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාවට පැවැත්වීමට නියමිත තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලිය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ලබනවා.
කෙසේ වෙතත් ඔහු පසුගිය වසරේ දී ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීම නිවේදනය කළද එම තීරණය නැවත වරක් සංශෝධනය කරමින් හසරංග බංග්ලාදේශය ටෙස්ට් තරඟාවලිය සඳහා ක්‍රීඩා කිරීමට සුදානම් කිරීමට තීරණය කර තිබුණා.
ඔහුව මෙම ටෙස්ට් තරඟාවලියට නම් කර නොතිබුණේ නම් වනිඳු හට එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟ 4ම ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනවා.
මේ අනුව ලබන 23 වනදායින් ඇරඹෙන ටෙස්ට් තරඟාවලියට වනිඳු එක්වීමට නියමිත සිටියද ඔහු එම තරඟ දෙක පමණක් තහනම් කිරීමට ICC පියවර ගෙන තිබෙනවා.
මීට පෙර ඇෆ්ඝනිස්ථානය සමඟ පැවැති තෙවන පන්දුවාර විස්සයි විස්ස තරඟයේ ද ඔහු විනිසුරු තීරණයකට විරුද්ධ වීම හේතුවෙන් ඔහුගේ දඬුවම් ලකුණු 5ක් දක්වා ඉහළ ගිය අතර මේ හේතුවෙන් විස්සයි විස්ස තරඟ දෙකක තහනමකට මුහුණු දීමට ද වනිඳුට සිදුවුණා.
Leave a Reply