Loading...

මීගමුව බන්ධනාගාර ගැටුමින් පීඩාවට පත් නිලධාරීන්ට විශේෂ වන්දි මුදලක්

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වූ සහ තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් සඳහා විශේෂ වන්දි මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

සාමාන්‍ය රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය යටතේ ගෙවනු ලබන වන්දිවලට අමතරව මෙම විශේෂ වන්දි මුදල පිරිනැමෙනු ඇත.

ඒ අනුව, වන්දි මුදල් වෙන් කර ඇත්තේ පහත පරිදිය –

ජීවිතක්ෂයට පත් නිලධාරීන් – එක් අයෙකු සඳහා රුපියල් මිලියන 05 බැගින්.

පූර්ණ ආබාධිත තත්ත්වයට පත් නිලධාරීන් – රුපියල් මිලියන 05ක්.

අර්ධ ආබාධිත (උපරිම ඉපයීමේ ශක්තිය ක්ෂය වීමේ ප්‍රතිශතය 100%ක් වූ) නිලධාරීන්: රුපියල් මිලියන 04ක්.

තාවකාලික අර්ධ ආබාධිත තත්ත්වයට පත් නිලධාරීන් – රුපියල් මිලියන 03ක්.

මේ අතර, බන්ධනාගාර උපක්‍රමික බලකාය ශක්තිමත් කිරීමේ අරමුණින් බන්ධනාගාර ආඥාපනත සංශෝධනය කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිව ඇත. ඒ අනුව එම බලකායට නෛතික තත්ත්වය ලබාදීමට අදාළ විධිවිධාන ඇතුළත් කිරීමට නියමිතයි.

තවද, ප්‍රමාණවත් සහ සුදුසු නිලධාරීන් සංඛ්‍යාවක් අලුතින් බඳවා ගැනීම, ඔවුන්ට ක්ෂේත්‍රයට අදාළ විධිමත් පුහුණුවක් සහ නවීන උපකරණ ලබාදීම මෙන්ම බන්ධනාගාර උපක්‍රමික බලකාය සඳහා සුදුසු ස්ථානයක මූලස්ථානයක් පිහිටුවීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *