Loading...

දිස්ත්‍රික්ක 4කට නායයෑම් අවදානමක් – ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) දිස්ත්‍රික්ක හතරක ප්‍රදේශ රැසකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඊයේ (02) රාත්‍රී 11.00ට නිකුත් කළ මෙම නිවේදනය අද (03) රාත්‍රී 11.00 දක්වා බලපැවැත්වෙන බවයි එම සංවිධානය සඳහන් කළේ.

ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ සහ ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව හා නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ඇතුළු අවට ප්‍රදේශ සඳහා දෙවන මට්ටමේ (Level 2) නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

මේ අතර, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක සහ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, තලවකැලේ, කොත්මලේ නැගෙනහිර සහ කොත්මලේ බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ (Level 1) පූර්ව අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව සඳහන්.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම ප්‍රදේශවල ජනතාව නායයෑම්වල පූර්ව ලක්ෂණ පිළිබඳ දැඩි අවධානයෙන් සිටින ලෙසත්, අවශ්‍ය නම් ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *