Loading...

ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට පැමිණෙයි

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ රීට් පෙත්සම අද (23) යළි කැඳවීමට නියමිතව තිබෙනවා.

ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර අභියාචනාධිකරණයට පැමිණියා.

මෙම පෙත්සම මීට පෙර දින හතරක් පුරා සලකා බැලූ අභියාචනාධිකරණය, වැඩිදුර කරුණු විමසීම සඳහා අද දින දක්වා නඩුව කල් තබා තිබුණා.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ සඳහන් කළේ, ශානි අබේසේකර මහතා ද්වේශ සහගතව කටයුතු කළ බවට තහවුරු වන කිසිදු සාක්ෂියක් පෙත්සම්කරු ඉදිරිපත් කර නොමැති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *