පොදුජන පෙරමුණේ ගම්පහ, අනුරාධපුර, මාතර සහ ගාල්ල දිස්ත්‍රික් නායක ධූරවල වැඩ බැලීම සඳහා අලුතින් සිව් දෙනෙක් පත්කර ඇති බව වාර්තා වනවා.
දිස්ත්‍රික් නායක ධූර දැරූ අමාත්‍යවරුන් තිදෙනෙක් සහ මන්ත්‍රීවරයෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම හේතුවෙන් එම පෙරමුණ මෙම තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී S M චන්ද්‍රසේන මහතා වෙනුවට එම දිස්ත්‍රික් නායක ධුරයේ වැඩ බැලීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පත්කර තිබෙනවා.
ඊට අමතරව මාතර දිස්ත්‍රික් නායකත්වයේ නායකත්වය දැරූ අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙනුවට වැඩ බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතාද, ගම්පහ දිස්ත්‍රික්කයේ නායකත්වය දැරූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙනුවට එහි වැඩ බැලීමට අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පත්කර ඇති බව සඳහන්.
තවද ගාල්ල දිස්ත්‍රික් නායක ලෙසින් කටයුතු කළ රමේෂ් පතිරණ මහතා වෙනුවට එම දිස්ත්‍රික්කයේ වැඩබැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා පත් කර ඇති බවයි වාර්තා වන්නේ.







Leave a Reply