විදුලිබිල අඩු කිරීමට අදාළ යෝජනාවලිය ඉදිරි සති දෙක ඇතුළත ලබා දුනහොත් ජුලි මස මැද වන විට ගාස්තු අඩු කළ හැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.
එම කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා කියා සිටියේ මැයි 1 වනදා සිට විදුලිබිල අඩු කිරීමට අදාළ යෝජනාවලිය ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණද පසුගිය 27 වනදා සිට යළි සති දෙක කාලයක් ඒ සඳහා ලබාදෙන ලෙස විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටි බවයි.
කෙසේ වෙතත් අදාළ යෝජනාවලිය ලැබුණු පසු මහජන අදහස් විමසීමෙන් අනතුරුව විදුලි ගාස්තු අඩු කිරීමට හැකි වනු ඇති බවද ඒ මහතා පවසනවා.
මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පසුගියදා කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා සඳහන් කළේ සියයට 10ත් 20 ත් අතර ප්‍රතිශතයකින් විදුලි බිල අඩු කළ යුතු බවයි.
Leave a Reply