ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වශයෙන් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පත් කිරීම පිළි නොගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පක්ෂයේ සාමාජිකයෙක් නොවන පුද්ගලයෙකු වැඩබලන සභාපතිවරයා වශයෙන් පත් කිරීමට නීතිමය හැකියාවක් නොමැති බවයි.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අලගියවන්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ධුරය අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (21) පත් කරනු ලැබුවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමක් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ හෝටලයකදී ඊයේ (21) පැවැත්වුණු අතර එහිදී මෙම පත්වීම සිදුකර ඇති බව සඳහන්.
Leave a Reply