Loading...

මීළඟ ලෝක බලවතා කවුද?

අමෙරිකාවේ 47 වන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම අද (05) සිදු කරනු ලබනවා.

ශ්‍රී ලංකා වේලාවෙන් අද (05) පස්වරු 5ට පමණ ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වනු ඇති.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අද (05) තම අවසාන ප්‍රචාරණ කටයුතුවල නිරත වන බවයි.

ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් මහත්මිය පෙන්සිල්වේනියා ප්‍රාන්තයට ඇගේ වැඩි අවධානයක් යොමුව ඇති අතර රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන හිටපු ජනාධිපතිනි ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා උතුරු කැරොලිනා, පෙන්සිල්වේනියා සහ මිචිගන් ප්‍රාන්තවල තම ප්‍රචාරණ කටයුතුවල නිරත වෙමින් සිටිනවා.

මිලියන 186කට අධික ඡන්ද දායකයින් පිරිසක් මෙවර අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

අමෙරිකානු මැතිවරණය නීතියට අනුව සිය මනාපය කලින් භාවිත කිරීමට ඡන්ද දායකයින්ට අවසථාව හිමිවීම හේතුවෙන් ඡන්ද දායකයින් මිලියන 78කට වැඩි පිරිසක් මේ වන විටත් තම ඡන්දය පළකර ඇති බව එරට මැතිවරණ නිලධාරීන් පවසනවා.

රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන වත්මන් උප ජනාධිපතිනි කමලා හැරිස් මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා ලෙස තියුණු තරඟයක නිරත වෙමින් සිටිනවා.

අමෙරිකාවේ ප්‍රාන්ත 7ක බලය තහවුරු කර ගැනීමට ප්‍රධාන අපේක්ෂකයින් පසුගිය මාස කිහිපයේ දී දැඩි සටහනක නිරත වුණා.

එය ස්වින්ග් ස්ටේට්ස් ලෙස හැදින්වෙන අතර එම ප්‍රාන්ත වනුයේ ඇරිසෝනා, ජෝර්ජියාව, මිචිගන්, නෙවාඩා, උතුරු කැරොලිනා, පෙන්සිල්වේනියාව සහ විස්කොන්සින් ප්‍රාන්තයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *