බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර් කණ්ඩායම 2025 ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට ඊයේ (14) රාත්‍රීයේ සුදුසුකම් ලැබීමට සමත් වුණා.
ඒ තියුණු තරඟයකින් පසු ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායමට එරෙහිව අවසන් පුර්ව තරඟය ලකුණු 6කින් ජය ගනිමින්.
රායිපුර්හ දී පැවැති තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 179ක් රැස් කරනු ලැබුවා.
දෙනේෂ් රම්දින් ලකුණු 50 ක් නොදැවී රැස් කළේ පන්දු 22 කින් හයේ පහර 3ක් හා හතරේ පහර 4 ක් ලබාගත් අතර නායක බ්‍රයන් ලාරා පන්දු 33කදී ලකුණු 41 ක් රැස්කළා.
ලකුණු 173ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකිවුයේ ලකුණු 173ක් පමණි.
තරඟයේ අවසන් පන්දුව තෙක් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ අසේල ගුණරත්න පන්දු 42කින් ලකුණු 66ක් රැස් කළා.
ඉන්දීය මාස්ටර්ස් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම අතර තරගාවලියේ අවසන් මහා තරගය හෙට (16) පස්වරු 7.30යි ආරම්භ වීමට නියමිතයි.








Leave a Reply