එළැඹෙන දින කිහිපයේ දී වැසි තත්ත්වයේ වැඩි වීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද (10) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ පසුගිය දින කිහිපය මෙන්ම ඉදිරි දින කිහිපය ද වැසි ලැබෙමින් පවතින බවයි.
හෙට (11) දිනයේ දී පවතින පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමට හැකියාවක් පවතින බවද ඔහු පැවසුවා.
ඒ මහතා කියා සිටියේ පවතින මෙම තත්ත්වය මෝසම් තත්ත්වයක් නොව පෙර මෝසම් තත්ත්වයක් බවත් මෙම අඩු පීඩන කලාපය සහ එහි වර්ධනයෙන් පසු මැයි මස 20 වනදා වන සිට මෝසම් තත්ත්වය නිර්මාණය වී ඊට අදාළ කාලගුණ විපර්යාස සිදුවනු ඇති බවත්ය.
මේ අතර මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පැවසුවේ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ ප්‍රදේශ තවමත් ආකාරයෙන්ම පවතින බැවින් පස් කණ්ඩි සෝදා පාළුවට ලක්වෙමින් විශාල ප්‍රමාණයේ සහ මාධ්‍ය ප්‍රමාණයේ ගල් මතුව ඇති බවයි.
එම පස් කණ්ඩි ඉතා කුඩා වර්ෂාවකදී වුවද එම ගල් නැවත පෙරළීමටද හැකියාවක් පවතින බවද ඔහු පෙන්වා දෙනවා.
ඒ මහතා සඳහන් කරන්නේ මේ හේතුවෙන් නාය යෑමේ ඇති විය හැකි ලක්ෂණ පවතින බැවින් සක්‍රීය වී දැනට අක්‍රීය වී ඇති ස්ථාන ද පවතින බවත් ඉදිරියේ දී ලැබෙන වර්ෂාපතනය සමඟ එම ස්ථාන සක්‍රීය වීමේ හැකියාවක් පවතින බවත්ය.
තවද පවතින වර්ෂාපතනය සැලකිල්ලට ගෙන දැනට බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර සහ වැල්ලවාය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙත අදියර 1 යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවද ඔහු පැවසුවා.
මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු ජල විද්‍යා අංශයේ චාමර යාපාආරච්චි මහතා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කියා සිටියේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන අනතුරු ඇඟවීමේ නිවේදන මත පදනම්ව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ආපදා කළමනාකරණ අංශය සහ ජල විද්‍යා කළමනාකරණය අංශය ඇති විය හැකි ආපදා තත්ත්වය සම්බන්ධව විශේෂ අවධානයකින් යුතුව කරන බවයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව ඇති ප්‍රධාන ජලාශ 9ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 5ක් මේ වන විට වාන් දමමින් පවතින බවද ඔහු සඳහන් කළා.
ඒ මහතා පැවසුවේ තවද මේ වන විට ලැබී ඇති වර්ෂාපතනය අනුව ගංගාවල ජල මට්ටම් යම් වැඩි වීමක් පෙන්නුම් කරන බවත් මෙම තත්ත්වය අනතුරුදායක මට්ටමක් දක්වා පැමිණි නැති බවත්ය.








Leave a Reply