විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
අමාත්යවරයා අද (29) උදෑසන පැවැති මාධ්ය හමුවක් අමතමින් මේ බව කියා සිටියා.
ඒ මහතා එහිදී සඳහන් කළේ තමන් 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස තරඟ කරනු ලබන්නේ ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් නොව වෙනත් සන්ධානයකින් බවයි.
මාධ්ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජයදාස රාජපක්ෂ මහතා,
“කැබිනට් මණ්ඩලයේ තවමත් ශ්රී ලංකා පොදුජන පෙරමුණින් තරග කරන කිසිවෙකුත් තවම ඉදිරිපත් වී නෑ. අපි දෙන්නම ආගන්තුක පක්ෂවලින් තරග කරන්නේ. මම කල්පනා කළා ජනාධිපතිතුමා මේ ගැන මගෙන් මතය ඇහුවා. ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා මෙම අමාත්ය ධුරයෙන් සමුගන්න තීරණය කළා. ඒ බව මම දැනුම්දී තිබෙනවා. අමාත්ය ධුර භාරගැනීම, නෙරපීම, ඉවත්වීම මට සාමාන්ය දෙයක්. මීට පෙර 6 වතාවක් මට පිරිනැමපු අමාත්ය ධුර මම භාරගෙන නෑ.”








Leave a Reply