පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව හෙට (22) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම දීර්ඝ නඩු විභාගය පැවැත්වුණා.
නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ මෙම නඩුව සඳහා පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් සාක්ෂිකරුවන් 2,309 දෙනෙකු සාක්ෂි ලබාදී තිබෙනවා.
දිනපතා පැවැති සාක්ෂි විමසීම්වලින් අනතුරුව පැමිණිල්ල සහ විත්ති පාර්ශ්වයන්හි සාක්ෂි විමසීම පසුගිය අගෝස්තු මස 24 වනදා අවසන් කෙරුණු අතර, ඊට අදාළ තීන්දුව සැප්තැම්බර් 22 වනදා ප්‍රකාශයට පත්කරන බවයි ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මීට පෙර නිවේදනය කළේ.







Leave a Reply