Loading...

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අමෙරිකාව ඉවත් වෙයි

අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් සහ පලස්තීන සරණාගතයින්ට ආධාර සපයන ඒජන්සියෙන් ඉවත් කර ගැනීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබෙනවා.

ඊට අදාළ විධායක නියෝගවලට අමෙරිකානු ජනාධිපතිවරයා අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය ජනවාරි මසදී ධුරයට පත් අමෙරිකානු ජනාධිපතිවරයා ගෙවී ගිය සති කිහිපයක තුළ විවාදාත්මක තීන්දු රැසක් ගැනීමට කටයුතු කළා.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීම සහ අමෙරිකාව පැරිස් කාලගුණ සම්මුතියෙන් ඉවත් විම ඒ අතරින් ප්‍රමුඛ තීරණ වනවා.

එවැනි පසුබිමක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අමෙරිකාව ඉවත් කර ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

ට්‍රම්ප් තම ප්‍රථම ධූර කාලයේ දී එනම් 2018 වසරේ ජුනි මසදී අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් කර ගැනීමට පියවර ගනු ලැබුවා.

ඒ එම සංවිධානය මඟින් නුසුදුසු ජාතීන්ට රැකවරණ ලබාදෙන බව සහ ඊශ්‍රායලය කෙරෙහි නොවතින පස මිතුරුකම් පෙන්වන බවට චෝදනා කරමින්.

කෙසේ වෙතත් නැවත එහි නිරීක්ෂකයෙක් ලෙස අමෙරිකාව 2021 වසරේදී එක්වුණේ එවක ජනාධිපති ජෝ බයිඩන්ගේ විධාන යටතේයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *