අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තීරු බදු ඉහළ නැංවීම සමඟ ගෝලීය කොටස් වෙළෙඳපොළට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ට්‍රම්ප්ගේ මෙම තීරණය සමඟ කොටස් වෙළෙඳපොළ පහත වැටී ඇති බවයි.
අමෙරිකානු කොටස් වෙළෙඳපොල වැඩිම අගයකින් පහත වැටුණු පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.
ඩොලර් ට්‍රිලියන 2කට වැඩි අගයක් ලෙස මෙම පහත වැටීම සටහන්ව තිබුණා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නයිකි වැනි ජාත්‍යන්තර වෙළෙඳ සන්නාමයන් පැය 24ක් තුළ සියයට 14.5කින් කොටස් මිල පහළ ගොස් ඇති බවයි.
මේ අතර ඊයේ (03) දිනයේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ද සියයට 7කින් පමණ පහත වැටී තිබූ බවද වාර්තා වනවා.
Leave a Reply