අමෙරිකානු සැබ්මරීනයක සිට ටොපිඩෝවක් උපයෝගී කර ගනිමින් ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී ඉරාන නෞකාවක් මුහුදු බත්කළ බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් පවසනවා.
එරට මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු සඳහන් කළේ ටෝපිඩෝවක් යොදාගෙන සතුරු නෞකාවක් ගිල්වනු ලැබුවේ දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව පළමු වරට බවයි.
අප සටන් කරන්නේ දිනන්න බවද එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
“ඊයේ අමෙරිකානු සබ්මැරීනයක් මගින් ජාත්‍යන්තර මුහුදේදි අප ආරක්ෂිතයි සිතා කටයුතු කළ ඉරාන යුද නෞකාවක් මුහුදුබත් කළා.
එය ගිල්වා දැම්මේ ටෝපීඩෝවක් යොදාගෙන.
නිහඬ මරණයක් ටෝපීඩෝවක් යොදාගෙන සතුරු නෞකාවක් ගිල්වනු ලැබුවේ දෙවැනි ලෝක සංග්‍රාමයෙන් අනතුරුව පළමුවරටයි.
අපි සටන් කරන්නේ දිනන්න. නිසැකවම, කිසිම සමාවක් නොදී අමෙරිකාව දිනනවා…”







Leave a Reply