Loading...

උමා ඔය ජනතා අයිතියට


උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ සහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) ජනතා අයිතියට පත් කෙරුණා.

ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත 2011 වසරේ දී උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කළා.

ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරෙන මෙම බහුකාර්ය ව්‍යාපෘතිය කිලෝමීටර් 24ක දිගින් යුක්ත වනවා.

පුහුල්පොල ජලාශයේ සිට භූගත නල මාර්ගය ඔස්සේ කිලෝ මීටර් 4ක් දුරක් ඩයබරා ජලාශය වෙත රැගෙන යාමෙන් පසුව ඩයබරා ජලාශයේ සිට එම ජලය කිලෝමීටර් 15.5ක දිගකින් යුත් භූගත මාර්ගයක් හරහා පවර්හවුස් බලාගාරය වෙත රැගෙන යනු ලබනවා.

මෙම ව්‍යාපෘතිය හරහා මෙරට ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීම මඟින් විදුලි ධාරිතාව මෙගාවොට් 120කි.

තවද ව්‍යාපෘතිය හරහා බණ්ඩාරවෙල, බදුල්ල සහ මොනරාගල යන ප්‍රදේශවලට අවශ්‍ය වන පානීය ජලය සහ බදුල්ල, මොණරාගල ප්‍රදේශවල කෘෂිකාර්මික අවශ්‍යතාව සඳහා ජලය සැපයීම සිදු කිරීමට නියමිතයි.

උමා ඔය ව්‍යාපෘතිය සඳහා වැයවූ සමස්ථ මුදල ඩොලර් මිලියන 514කි.

ව්‍යාපෘතිය ආරම්භ කළ කාලසීමාවට තුළදී ඉන් ඩොලර් මිලියන 450ක මුදලක් ඉරාන රජයෙන් ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟ වී තිබුණා.

කෙසේ වෙතත් ඉරාන රජය ඩොලර් මිලියන 50ක මුදලක් ලබාදීමෙන් පසුව ඇති වූ සම්බාධක ගැටළු හේතුවෙන් අදාළ සම්පුර්ණ මුදල මෙරට රජය වෙත ලබාදීමට ඉරාන රජයට අවස්ථාවක් හිමි වුයේ නැහැ.

ඉන් පසුව එම ව්‍යාපෘතිය පිරිවැය දරමින් එය මේ දක්වා ක්‍රියාත්මක කළේ ශ්‍රී ලංකා රජය හරහායි.

තොරතුරු මුලාශ්‍ර – ලංකාදීප


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *