Loading...

,

ට්‍රම්ප්ගේ බද්දෙන් වැඩිම බලපෑම ඇගලුම් ක්ෂේත්‍රයට – නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත

අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය අනුව මෙරට ඇඟලුම් කාර්මාන්තයට වැඩි බලපෑමක් සිදුව ඇත්තේ මෙරටින් වැඩි ප්‍රමාණයක් අපනයනය සිදුකරන ක්ෂේත්‍රයේ නිෂ්පාදනවලට බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඔහු මේ බව පැවසුවේ අද (06) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට එක්වෙමින්.

අමෙරිකාවේ නව ආනයනය බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය පිළිබඳව දැනුම්වත් කිරීමට ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

නමුත් එම ආනයන බදු ප්‍රතිපත්තිය මෙරටින් අමෙරිකාවට අපනයනය කරන සියලුම භාණ්ඩ සඳහා අදාළ වන බවද අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළා.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ තවද අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය සහ ඒ ආශ්‍රයෙන් මෙරටට බලපා ඇති ගැටළු සම්බන්ධව මෙරට සංචාරයේ නිරතව සිටි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා රජය පාර්ශවයෙන් විසඳුමක් ඉල්ලා සිටි බවත් එහිදී යහපත් ප්‍රතිචාර ලැබුණු බවත්ය.

මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න සහ අමාත්‍යවරයා දුන් පිළිතුරු,

ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයට වැඩිපුරම බලපෑමක් ඇතිවෙලා තියෙන්නේ?

“ඇත්තටම ඇඟලුම් කාර්මාන්තයට තමයි. නමුත් අපි අමෙරිකාවට යවන සියලුම භාණ්ඩවලට මේක බලපානවා. ඇඟලුම් වලට පමණක් නොවෙයි. ඇඟලුම් වලට එන බර වැඩි වෙනවා මොකද අපේ අපනයන වලින් විශාල ප්‍රමාණයක් ඇඟළුලුම්. ප්‍රධාන නිෂ්පාදන කාණ්ඩ 5 ගත්තාම 80%යි. ඒ නිසා තමයි අපි විශේෂ අවධානයක් යොමු කරනවා මේ සාකච්ඡා යන ගමනුත් අර තෝරා ගත්ත ක්ෂේත්‍ර 5 ඇඟලුම්, රබර්, කෙමිකල්, ආහාර නිෂ්පාදන කාර්මාන්තකරුවන් සමඟ සාකච්ඡා කරන්න. ඒ කණ්ඩායම් දැනටමත් අපේ තාක්ෂණික කමිටුවේ සිටිනවා. සෑම විකල්පයක්ම අපි අධ්‍යනය කරනවා දැනටමත්.

ඉන්දීය අගමැතිවරයාගේ සංචාරය අතරතුර දී මේ ගැටළුවට විසඳුමක් රජය පාර්ෂවයෙන් ඉල්ලා සිටියාද?

අනිවාර්යයෙන්ම මේ කාරණය සාකච්ඡාවට බඳුන් කළා. ඉල්ලීමක් කළා. ඒ පිළිබඳව යහපත් ප්‍රතිචාර ලැබුණා සලකා බලනවා කියලා.”

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44% ක තීරු බද්ද පැනවීමට තීරණය කර ඇති බව පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *