ජනවාරි 20 වැනිදා දිවුරුම් දීමට නියමිත තේරීපත් වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්ති උත්සවය ගෘහස්ත ස්ථානයක පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා.
ඒ එරට පවතින අධික ශීත කාලගුණය හේතුවෙන්.
අමෙරිකාවේ තේරී පත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තිය හෙටට (20) යෙදී තිබෙනවා.
ඒ වොෂින්ටන් නුවර දීයි.
සාම්ප්‍රදායිකව මෙම පදවි ප්‍රාප්ත උත්සව අමෙරිකානු පාර්ලිමේන්තුව ගොඩනැගිල්ල ඉදිරිපිට පැවැත්වෙනවා.
කෙසේ වෙතත් පවතින අධික ශීත කාලගුණය සලකා ඉතිහාසයේ ප්‍රථම වරට මෙවර පදවි ප්‍රාප්තිය ගෘහස්ත ස්ථානයක පැවැත්වීමට සිදුව තිබෙනවා.
වොෂින්ටන් හි කැපිටල් වන් ඇරීනා ගොඩනැගිල්ලේ මෙම උත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එහි 20000කට අසුන් ගැනීමට හැකිව ඇති බව සඳහන්.
මේ අතර පදවි ප්‍රාප්තියෙන් පසුව කැපිටල් වන් අරීනා ඉදිරිපිට ‘මේක් ඇමෙරිකා ග්‍රේට් අගේන් වික්ටරි රැලී’ නම් මැතිවරණ රැලියකට සමාන ස්වරූපයකින් රැළියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
තවද පාසල් තූර්යවාදක කණ්ඩායම්වල, පෙන්සල්වේනියා හි දී හමුදා වාදන කණ්ඩායම් සහභාගීත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබූ රැලියද අවලංගු කර ඇති බව වාර්තා වනවා.








Leave a Reply