Loading...

මධ්‍යසාර නිෂ්පාදන වෙනුවෙන් 200%ක බදු පනවන බවට ට්‍රම්ප් යුරෝපා සංගමයට අනතුරු අඟවයි

අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුරෝපා සංගමයෙන් ආනයනය කරනු ලබන මාධ්‍යසාර වෙනුවෙන් 200%ක බදු පනවන බවට තර්ජනයක් සිදුකර තිබෙනවා.

මේ අනුව දැනට යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබන රටවල් 193ක් වෙනුවෙන් මෙම තීරු බදු බලාත්මක වනු ඇති.

පසුගියදා අමෙරිකාවේ නිෂ්පාදිත විස්කි සඳහා යුරෝපා සංගමයේ රටවල් 50%ක ආනයන බද්දක් පැනවීමට ප්‍රතිචාර ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (13) දිනයේ දී මේ බව නිවේදනය කර තිබෙනවා.

ට්‍රම්ප් තම මැතිවරණ ව්‍යාපාරය අතරතුර තීරු බදු පොරොන්දු වූ අතර මේ වන විට එම පොරොන්දු ඉටුවෙමින් පවතිනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධව අදහස් දක්වමින් ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අඟවමින් පවන්නේ මෙම තත්ත්වය දිගටම පැවැතිය හොත් එක්සත් ජනපද ආර්ථිකය අවපාතයක් කරා ගමන් කරනු ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *