Loading...

ට්‍රම්ප්ගෙන් යුරෝපා සංගමයට 50%ක තීරු බද්දක් පනවයි

යුරෝපා සංගමයෙන් එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා ලබන මස සිට 50%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ මේ අනුව ලබන 1 වනදා සිට සුඛෝපභෝගී භාණ්ඩ, ඖෂධ සහ අනෙක් භාණ්ඩ සඳහා දැඩි බදු පැනවෙනු ඇති බවයි.

යුරෝපා සංගමය පිහිටුවා ඇත්තේ වෙළෙඳාම පිළිබඳව එක්සත් ජනපදයෙන් වාසි ලබා ගැනීම සඳහා වන බවද සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දී තිබෙනවා.

තවද අමෙරිකාවේ නිෂ්පාදනය නොකරන IPHONE සඳහා 25%ක ආනයන බද්දක් පැනවීමට ද අමෙරිකානු ජනාධිපතිවරයා කටයුතු කර ඇති බව වාර්තා වනවා.

ඔහු පවසන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ විකුණනු ලබන IPHONE ඉන්දියාවේ හෝ වෙනත් ඕනෑම තැනක නිෂ්පාදනය කිරීම නොව එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරනු ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *