Loading...

,

පොලිස් ලොක්කෝ රැසකට ස්ථාන මාරුවීම්

නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් ලබාදී තිබෙනවා.

මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඊ.එම්.එම්.එස්. දෙහිදෙණිය නුගේගොඩ කොට්ඨාශය වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.ඩබ්ලිව්.අයි.එස්. මුතුමාල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස පත්කර තිබෙනවා.

මෙම ස්ථාන මාරු ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *