Loading...

,

සංචාරකයන්ගේ පැමිණීම තවත් ඉහළට

නොවැම්බර් මාසයේ පළමු දින 20 තුළ සංචාරක පැමිණීම් 120961ක් වාර්තා වී තිබෙනවා.

එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 17%ක වාර්ෂික වර්ධනයක් ලෙසයි සඳහන් වන්නේ.

2024 වසරේ අවසානය වන විට සංචාරක පැමිණීම් මිලියන දෙකක වාර්ෂික ඉලක්කය ඇති අතර මේ දක්වා මිලියන 1.74කට වැඩි සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා.

සංචාරක අමාත්‍යාංශ දත්ත වාර්තාවලට අනුව පසුගිය දින 20 අතරතුර වැඩිම සංචාරකයින් 26717ක් ලෙස වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ අතර රුසියාවෙන් 20157ක්, ජර්මනියෙන් 9444ක්ද එක්සත් රාජධානියෙන් 7715ක් සහ ඕස්ට්‍රේලියාවෙන් 4762ක් පැමිණ ඇති බව සඳහන්.

ඊට අමතරව 2024 වසරේ මේ දක්වා ඉන්දියාවෙන් 349690ක් ද රුසියාවෙන් 157756ක් ද එක්සත් රාජධානියෙන් සංචාරකයින් 154385ක් මෙරටට පැමිණ තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *