Loading...

සංචාරකයන්ගේ පැමිණීම ඉහළට

2024 වසරේ මේ දක්වා සංචාරකයින් 966604ක දෙනෙක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එම අධිකාරිය සඳහන් කරන්නේ ජුනි මාසයේ මේ දක්වා සංචාරකයින් 69825ක් පැමිණ ඇති බවයි.

මේ අනුව ජනවාරි මසදී සංචාරකයින් 208253ක්, පෙබරවාරි මසදී සංචාරකයින් 218350ක්, මාර්තු මසදී සංචාරකයින් 209181ක්, අප්‍රේල් මසදී සංචාරකයින් 148867ක්, මැයි මසදී සංචාරකයින් 112128 ක් ලෙස මෙරටට පැමිණ තිබෙනවා.

ඉන්දියාව, ජර්මනිය, රුසියාව, බ්‍රිතාන්‍යය, චීනය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව ආදී රටවලින් මෙරටට සංචාරකයින් වැඩි වශයෙන් පැමිණ ඇති බවද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *