Loading...

IPL සහ PSL තරඟාවලියේ කාල රාමුව ලබන වසරේ සිට ගැටීමක් සිදුවන ලකුණු?

ලබන වසරේ සිට පාකිස්ථාන සුපර් ලීග් (PSL) තරඟාවලිය අප්‍රේල් සහ මැයි මසවලදී පැවැත්වීමට පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

විදෙස් ක්‍රීඩා මාධ්‍ය පෙන්වා දෙන්නේ මේ සම්බන්ධව එරට ක්‍රිකට් ආයතනය හා පාකිස්ථාන සුපර් ලීග් තරඟාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් හයක් අතර සාකච්ඡාවක් ද පවත්වා ඇති බවයි.

මෙම නව තීරණයට ඇතැම් කණ්ඩායම්වල කැමැත්ත ද පළව ඇති බවද වාර්තා වනවා.

2025 වසරේ පෙබරවාරි මසදී ICC ශූරයින්ගේ කුසලාන තරඟාවලිය පාකිස්ථානයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ලබන වසරේ දී PSL තරඟාවලිය අප්‍රේල් 7 වනදා සිට මැයි වනදා දක්වා පැවැත්වීමටයි මේ වන විට සැලසුම් කර ඇත්තේ.

2016 වසරේ ආරම්භ වූ පාකිස්ථාන සුපර් ලීග් තරඟාවලිය මේ දක්වා කිසිඳු වසරක IPL තරඟාවලිය සමඟ ගැටීමක් සිදු වුයේ නැහැ.

කෙසේ නමුත් ශූරයින්ගේ කුසලාන තරඟාවලිය හේතුවෙන් ලබන වසරේ දී එම තරඟාවලි දෙක අතර ගැටීමක් සිදු වනු ඇති බවට මීට පෙර ද අපේක්ෂා කෙරුණා.

මේ අනුව පාකිස්ථාන ක්‍රිකට් ආයතනය මේ වන විට අවධානය යොමු කර ඇත්තේ PSL තරඟාවලිය ලබන වසරේ සිට අඛණ්ඩව පෙබරවාරි – මාර්තු මාසවල නොපවත්වා අප්‍රේල් – මැයි මාසවල පැවැත්වීමට නියමිතයි.

එරට ක්‍රිකට් ආයතනයේ මතය වී ඇත්තේ දෙසැම්බර් – පෙබරවාරි මාසවලදී විදෙස් ප්‍රිමියර් ලීග් තරඟාවලි 4ක් පැවැත්වීමටත්, ජාත්‍යන්තර තරඟාවලි පැවැත්වීමටත් පදනම් කර ගනිමින් එම කාලයෙන් PSL තරඟාවලිය ඉවත් කිරීම සුදුසු බවටත්ය.

තවද ලබන වසර කිහිපයේ දී රාමසාන් උත්සව සමය ද පෙබරවාරි මස යෙදීම හේතුවෙන් අදාළ කාලයෙන් PSL තරඟාවලිය ඉවත් කිරීමද තරඟාවලියට හිතකර තත්ත්වයක් ඇති වෙනවා.

අදාළ කාලයේ දී තරඟාවලි පැවැත්වීමේ දී තරඟ වේලාවෙන්ට හා ප්‍රේක්ෂක සහභාගීත්වය එය බලපාන අතර වෙළෙඳ ප්‍රචාරණ හා අනුග්‍රාහකත්ව ආදායමට ද එය බලපානු ලබනවා.

මේ අතර පාකිස්ථාන සුපර් ලීග් තරඟාවලියට විදෙස් ක්‍රීඩකයින් වැඩි ලෙස ආකර්ෂණය කර ගැනීම සඳහා ද යම් වැඩපිළිවෙලක් සකස් කිරීමට පාකිස්ථාන ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබෙනවා.

තවද මාධ්‍ය හිමිකාරිත්වයන් ඔස්සේ එරට ක්‍රිකට් ආයතනයට ලැබෙන ආදායමෙන් කොටසක් කණ්ඩායම් හිමිකරුවන්ට ලබාදී ඔස්සේ වැඩි මිලකට විදෙස් ක්‍රීඩකයින් සමඟ ගිවිසුම්ගත වීමට එම කණ්ඩායම් වෙත ලබාදීමටයි අවධානය යොමු කර ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 8.8ක වැඩි මුදලකට විදෙස් ක්‍රීඩකයින් මිලදී ගැනීමට මේ හරහා අවස්ථාවක්ද හිමි වෙනවා.

පාකිස්ථාන සුපර් ලීග් තරඟාවලිය සඳහා මේ වන විට ක්‍රීඩා කරන විදෙස් ක්‍රීඩකයෙකුට ලැබෙන ඉහළම මුදල වන්නේ රුපියල් කෝටි 6.5ක පමණ අගයකි.

මේ අතර පාකිස්ථාන සුපර් ලීග් තරඟාවලියේ අවසන් වටයේ තරඟ එංගලන්තයේ දී පැවැත්වීම සම්බන්ධව ද අවධානය යොමුව තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *