Loading...

,

මාව අත්අඩංගුවට ගන්න එපා – දේශබන්දු අධිකරණය හමුවේ කියයි

අරගලයට පහර දීමේ චෝදනාවට අදාළ ක්‍රියාවලියේ දී තමන් ක්‍රියාත්මක කළේ හිටපු ජනාධිපතිවරයාගේ උපදෙස් මත බව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (29) අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව මෙම චෝදනාවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් අත්අඩංගුවට ගැනීමට ඇති සුදානම වළක්වන නියෝගයක් ලබාදෙන මෙන් ඉල්ලමින් හිටපු පොලිස්පතිවරයා ඊයේ (29) අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කළා.

මෙහිදී ඔහු ඇප අයැදුම්පත සලකා බැලු කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර එය සම්බන්ධව කරුණු දක්වන ලෙස දන්වා වගඋත්තරකාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ 3 ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කරනු ලැබුවා.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙහිදී කියා සිටියේ සිද්ධිය වූ දින සිය සේවා දායකයා හිටපු ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ක්‍රියා කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධව දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් විභාග වන බවත් එම නඩුවේ තවමත් අවසන් තීන්දුවක් ලබාදී නොමැති බවත් නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියා.

නීතිඥවරයා සඳහන් කළේ වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කර ඇප අයදුම ක්‍රියාත්මක කිරීම සඳහා දින නියම කරන ලෙසයි.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරමින් නඩුව අගෝස්තු පළමු වෙනිදා යළි කැඳවීමට දින නියම කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *