Loading...

බ්‍රිතාන්‍යයේ ඓතිහාසික හෝටලයක් මිලදී ගත් ලංකාවේ සමාගම

දැඩිගම සමුහ ව්‍යාපාරයට අයත් ලැවැන්ඩිශ් ලෙෂර් සමාගම එක්සත් රාජධානියේ ඩර්බි නගරයේ ඓතිහාසික කැතීඩ්‍රල් ක්වාර්ටර් හෝටලය මිලදී ගෙන තිබෙනවා.

බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ දෙවන ශ්‍රේණියේ හෝටලයක් ලෙස ශ්‍රේණිගත කර ඇති මෙම හෝටලය දැඩිගම සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ රශ්මි දැඩිගම සහ ලැවැන්ඩිශ් ලෙෂර් සමාගමේ පීටර් කැරන් විසින් මිලදී ගනු ලැබ ඇති බවයි.

දෙවන එළිසබෙත් රැජින 2010 වසරේ දී ඓතිහාසික කැතීඩ්‍රල් ක්වාර්ටර් හෝටලයෙන් ආහාර ගෙන ඇති අතර ඇය හෝටලයේ සුපවේදියාට ලබාදුන් ප්‍රණීත ආහාර වේල වෙනුවෙන් ස්තුති කර ඇති බවද එරට මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා.

හෝටල් කාමර 38කින් යුක්ත වන මෙම හෝටලය මීට පෙර අවස්ථාවක අදාළ හෝටලය පොලිස් ස්ථානයක් ලෙස ද භාවිතා කර තිබෙනවා.

බ්‍රිතාන්‍ය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ලැවැන්ඩිශ් ලෙෂර් සමාගම එක්සත් රාජධානියේ මිලදී ගත් දෙවැනි හෝටලය මෙය බවත් 2005 වසරේ සිට එම සමාගම හෝටල් 8 ක් මිලදී ගෙන ඇති බවත්ය.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *