Loading...

මල්වතුහිරිපිටිය හිමිට වෙඩි තැබූ වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් මරුට

ගම්පහ මල්වතුහිරිපිටිය කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ සිටි 45 හැවිරිදි හිමි නමක වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ දී පොලිස් වෙඩි පහරකට ලක්ව මියගොස් තිබෙනවා.

මෙලෙස වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ අරලගංවිල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි.

අදාළ සැකකරු පසුගිය 10 වන හම්බෙගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු වැඩිදුර පරීක්ෂණ සඳහා පෑලියගොඩ අපරාධ කොට්ඨාශය වෙත භාර දුන් බවයි අත්තනගල්ල පොලීසිය කියා සිටියේ.

අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විශේෂ පරීක්ෂණයක් සඳහා සැකකරු ඌරාපොල ලිහිණියගොල්ල ඇළ ප්‍රදේශය වෙත රැගෙන පැමිණි අවස්ථාවේ පොලිස් නිලධාරීන් හට පහරදී පළා යාමට උත්සහ දරා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී සැකකරු පලායාමට ගත් උත්සාහය ව්‍යාර්ථ කිරීම සඳහා සිදුකළ වෙඩි තැබීමෙන් සැකකරු මරණයට පත්ව ඇති බව මුලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *