මාසික ඉන්ධන මිල සුත්‍රයට අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.
මේ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් අඩු වී ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 332කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් අඩු වූ අතර එහි නව මිල රුපියල් 377කි.
ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 307කි.
එම වර්ගයේ ලීටරයක මිල රුපියල් 10කින් අඩු වී ඇති බව සඳහන්.
ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් අඩු වී ඇති ආතර් එහි නව මිල රුපියල් 352කි.
කෙසේ වෙතත් ලංකා භූමිතෙල් මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.








Leave a Reply