Loading...

,

අරක්කු බෝතලයක මිල රුපියල් 1000කින් පහළට?

අරක්කු මිල සෑහෙන්න මට්ටමකට පහළ දැමීමට තීරණය කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව මිලි ලීටර් 750 අතිවිශේෂ (ගල්) අරක්කු බෝතලය මිල රුපියල් 900ත් 1000ත් අතර මුදලකින් ද මිලිලීටර් 175 ප්‍රමාණයේ කාලේ බෝතලයක මිල රුපියල් 200කින් පමණ ද අඩුවනු ඇති බවද වාර්තා වනවා.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පසුගියදා මත්පැන් නිෂ්පාදන සමාගම් සමඟ පැවැති සාකච්ඡාවකදී ඉල්ලා ඇත්තේ අද වන විට මත්පැන් සඳහා වැඩි වශයෙන් යොදා ගන්නා පරිපාක ස්ප්‍රිතුවල මිල අඩු වී ඇති බැවින් අරක්කු මිල අඩු කිරීමට කටයුතු කරන ලෙසටයි.

අරක්කු බෝතල්වල මිලෙන් සියයට 80 – 90ක පමණ ප්‍රමාණයක් වැට් සහ විවිධ බදුවලින් සමන්විත වන නිසා බදු අඩු කළහොත් සෑහෙන ප්‍රමාණයකින් මිල අඩු කළ හැකි බව මෙහිදී සමාගම් අවධාරණය කර තිබෙනවා.

අවසන් වරට 2023 ජුලි 1 වනදා රජය අතිවිශේෂ ගැසට් නිවේදනයකින් මද්‍යසාර සහ සිගරැට් මිල වැඩි කරනු ලැබුවා.

එහිදී අතිවිශේෂ අරක්කු බෝතලයක මිල රුපියල් 1000කින් මිල ඉහළ දැමුවා.

ඊට අමතරව ඉදිරියේ දී අරක්කු සහ බියර් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවනු ඇති බවද වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *