Loading...

දාල ගිය පාක්ෂිකයන් යළි මහගෙදරට එනවා – රවී කරුණායක

විවිධ හේතු මත එක්සත් ජාතික පක්ෂය හැර ගිය පාක්ෂිකයින්ගෙන් 90%ක් පමණ යළි එජාපය සමඟ එකතු වීමට සුදානමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණායක මහතා පවසනවා.

කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් හිටපු අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ඒ මහතා පවසන්නේ එම පාක්ෂිකයින් මෙන්ම වැඩ කරන ජනතාව සමඟ එක්ව ලෝක කම්කරු දිනයේ දී එක්සත් ජාතික පක්ෂයේ ජන බලය රටට පෙන්වන බවයි.

පටු දේශපාලන සහ බල අරමුණු වෙනුවෙන් බිහිවන ජන පදනමක් නොමැති දේශපාලන සන්ධානවලින් රටට ජනතාවට ඵලක් නොමැති බවත් එවැනි දේශපාලන සන්ධාන බිහිවන වේගයට වඩා වැඩි වේගයෙන් බිඳ වැටෙන බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා කියා සිටියේ එජාපය ශක්තිමත්ව සහ බල සම්පන්නව බලයේ සිටි සෑම අවස්ථාවකදීම රට සංවර්ධනය වූ අතර පක්ෂය දුර්වල වූ අවස්ථාවේ දී රට බංකොලොත් වූ බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *