කැනඩාවේ දී ඝාතනය ලක්වූ ශ්‍රී ලාංකිකයින් 06 දෙනාගේ අවමංගල්‍ය කටයුතු ඊයේ (17) පස්වරුවේ ඔටාවා හිදී සිදු කෙරුණා.
කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ ශ්‍රී ලාංකික පවුලේ සාමාජිකයින් 05 දෙනාගේ සහ ඔවුන්ගේ මිතුරාගේ අවසන් කටයුතු මෙලෙස සිදුකළ බවයි.
මෙහිදී අවමංගල්‍ය උත්සව අවස්ථාවට එක්වන ජනතාව වෙනුවෙන් ශෝක ප්‍රකාශයන් සටහන් තැබීමට ද අවස්ථාව උදාකර තිබුණා.
අවමංගල්‍ය උත්සවය සඳහා ප්‍රහාරයෙන් දිවි බේරාගත් ශ්‍රී ලාංකික පවුලේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ මහතා ද එක්ව සිටියා.
පසුගිය බදාදා 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකු විසින් ඔටාවා හි සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඝාතනය කර තිබුණා.
මෙම ඝාතනයට ලක්වුවන්ගෙන් 05 දෙනෙකු එකම පවුලේ සාමාජිකයින් වන අතර අනෙක් පුද්ගලයා එම පවුලේ මිතුරෙකු වනවා.
මේ අතර ඊයේ (17) පැවති අවමංගල්‍ය උත්සවයට කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් හර්ෂ නවරත්න මහතාද එක්වුණා.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා, “මෙය ඛේදවාචකයක්. එදා සුපුරුදු නිස්කලංක උදෑසනක්. දුකරථනය නාද වුණේ මේ කම්පිත පුවත අරගෙන. මේක සාමාන්‍ය එකක් නෙමෙයි. අපේ ජීවිත කාලයේ කිසිදාක නොසිතූ කම්පා සහගත සිදුවීමක් අසන්න ලැබුණා. මේ ඛේදවාචකය දැනගත් සියලුදෙනාම ලෝකයේ එකමුතු වී අද අපිත් සමග ශෝකයට පත්ව එක්රැස්වී සිටින මොහොතක් මේක. සැමදෙනාම එකට එකතු වී වැළපෙමින්, දුක්වෙමින්, විපතට පත්වූවන්ගේ ජීවිත ගොඩනැගීම සඳහා මාර්ග සොයමින් සිටිනවා. ශ්‍රී ලංකා රජය ජනතාව වෙනුවෙන් මෙම අහිංසක ආත්මියයන්ගේ වියෝව පිළිබඳ විපතට පත් පවුලේ මිතුරන් සහ අපේ ප්‍රජාවට ශෝකය ප්‍රකාශ කර සිටිනවා. ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට, අපේ පන්සලට හා අපගේ ප්‍රජාවට සහාය වීමට වෙහෙස නොබලා දිවා රෑ ඉදිරිපත් වූ සියලුදෙනාටම කැනඩා රජය ඇතුළු සියලුදෙනාට ස්තූතිය පුදකරනවා.”
Leave a Reply