Loading...

ඔටාවා හි ඝාතනයට ලක්වූ ලාංකිකයන්ගේ අවසන් කටයුතු අද

කැනඩාවේ ඔටාවා හි ඝාතනයට ලක්වූ ලාංකිකයන්ගේ අවමංගල්‍යය උත්සවය අද (17) පස්වරු 01 ඔටාවා ග්‍රිබ්ෆෝඩ් ඩ්‍රයිව් හි ඉන්ෆිනිටි සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

කැනඩාවේ බෞද්ධ සම්මේලනය සහ ස්වේච්ඡා සේවකයන්ගේ සංවිධායක කමිටුව විසින් පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රවෘත්ති නිවේදනයක් මඟින් මෙම අවමංගල්‍ය උත්සවය නිවේදනය කරනු ලැබුවා.

එම සම්මේලනය පවසන්නේ මෙම ඝාතනය සිදුවූ පවුලේ ජීවත්ව සිටින පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ ශාරීරිකව සුවය ලබා සිටියත් මානසිකව බරපතල බිඳ වැටිමක සිටින බවයි.

අවසන් කටයුතු සඳහා සිද්ධියෙන් තුවාල ලබා සිටින ඔහු සහභාගී වීමට නියමිත බවද වාර්තා වනවා.

මෙම සිදුවීමෙන් අවාසනාවන්ත ලෙස මියගිය 07 හැවිරිදි ඉනූක වික්‍රමසිංහ, 04 හැවිරිදි අශ්විනී වික්‍රමසිංහ, 02හැවිරිදි රින්යානා වික්‍රමසිංහ, මාස 02ක් වයසැති කෙලී වික්‍රමසිංහ, 35හැවිරිදි දර්ශනී බණ්ඩාරනායක යන මව ඇතුළු දූ දරුවන්ගේද, එම නිවසේ විසූ ගාමිණී අමරකෝන් නම් 40 හැවිරිදි පුද්ගලයාගේද අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *