ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් ගමන් කළ හෙළිකොප්ටර් යානය අනතුරට ලක්ව තිබෙනවා.
ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ යානයේ දෝෂයක් හට ගැනීම හේතුවෙන් හදිසි ගොඩබෑමට නියමුවන් උත්සහ කර ඇති බවයි.
එහිදී යානය අනතුරට ලක්ව ඇති අතර යානය කඩා වැටී ඇති බවටයි එරට බලධාරීන් මේ වන විට සැක කරන්නේ.
යානය අනතුරට පත් වූ ස්ථානය සොයා මේ වන විට සහන කණ්ඩායම් මෙහෙයුම් ආරම්භ කර ඇති නමුත් එම ස්ථානය නිවැරදිව සොයා ගැනීමට හැකි වී නොමැති බවයි ඉරාන අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
Leave a Reply