විදුලිබිල අඩු කිරීමට අදාළ යෝජනා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මේ දක්වා මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදී නොමැති බව එහි සභාපති මහාචාර්ය මංජුල ප්රනාන්දු මහතා පවසනවා.
අදාළ යෝජනා මැයි මස පළමු වනදා කොමිසම වෙත ලබාදීමට නියමිත වී තිබුණා.
කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිසම පියවර ගෙන ඇත්තේ විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමක් මත එම කාලය හෙට (10) දින දක්වා දීර්ඝ කිරීමටයි.
මේ අනුව හෙට (10) දිනට පෙර එම යෝජනා ලබා දෙන ලෙස මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලය වෙත දැනුම් දී තිබෙනවා.
එම යෝජනා ලැබීමෙන් අනතුරුව විදුලිබල අඩු කිරීම සඳහා වන ක්රියාදාමය ආරම්භ කරන අතර විදුලිබල අඩු කිරීමේ ප්රතිශතය ජුලි මාසයේ දී ප්රකාශ කිරීමට නියමිතව ඇති.








Leave a Reply