Loading...

රට ස්ථාවරත්වය කරා යමින් තියෙන්නේ – මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව ඉදිරිපත්ව ඇති ඇතැම් සමීක්ෂණ වාර්තා සහ විද්වත් මතයන්ට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සිය දෙවැනි සමාලෝචනය සඳහා කාර්ය මණ්ඩල එකඟතාව පළ කිරීමෙන් නිසි පිළිතුරු ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටින්නේ පළමු සමාලෝචනයෙන් පසු කාර්ය මණ්ඩල එකඟතාව ඇති කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට යම් උත්සහයක් දැරීමට සිදුවු බවත් ඒ සඳහා යම් කාලයක් ගත වූ බවත්ය.

“ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවලින් ඉටු කර ඇත්තේ 33%ක් පමණක් බව එක් පාර්ශ්වයකින් ප්‍රකාශ වෙද්දී ආණ්ඩුවේ ජනප්‍රියත්වය 7%ක් බව තවත් පාර්ශ්වයකින් ප්‍රකාශ කෙරුණා.

ඩොලරයේ වටිනාකම රුපියල් 455ක් ඉක්මවනු ඇතැයි විද්වත් මත පළ වූ අතර උද්ධමනය 25% – 30%කට වඩා අඩු මට්ටමකය ළග නොවනු ඇතැයි ද අදහස් පළවුණා.

කෙසේ වෙතත් එම සමීක්ෂණ සහ විද්වත් මත යළි යළිත් අභියෝගයට ලක් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් කාර්ය මණ්ඩල එකගතාව ප්‍රකාශයට පත් කිරීම රටේ දෙකෝටි විසි ලක්ෂයක් වූ ජනතාවගේ කැපකිරීම්වල ප්‍රතිඵලයක්.

ශ්‍රී ලංකාව ලෝකය සමඟ එක්ව ලෝකයේ පිළිගත් ආර්ථික ක්‍රමවේදයක් මූල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කරමින් රට ස්ථාවරයත්වය කරා රැගෙන යමින් සිටින මොහොතේ විපක්ෂය පමණක් තව දුරටත් දේශපාලන වේදියාකාවේ වීරයන් වීමේ අරමුණෙන් ජනප්‍රිය සටන් පාඨ කරපින්නාගෙන සිටිනවා. දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළට විකල්ප සෙවීම හෝ එය ආපස්සට හැරවීම කිසිසේත්ම කළ නොහැකි යි.

ඒ සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු බලය ද විපක්ෂයට නැහැ. දෙවැනි සමාලෝචනය සාර්ථකව අවසන් වීමත් සමඟ ශ්‍රී ලංකාවට ද්වීපාර්ශ්වික ණය සහ බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ තවත් පියවරක් ඉදිරියට යාමට හැකියි.

මෙම තීරණයත් සමඟ විශේෂයෙන්ම නිල ණය හිමියන්ගේ කමිටුව, චීනය සහ පැරිස් සමාජය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ මීළග අදියරයට ගමන් කිරීමට හැකියි”.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *