Loading...

,

ඉන්දියාවේ පුද්ගලයින් 260කට මරු කැඳවූ ගුවන් යානා අනතුරට හේතුව හෙළි වෙයි

පුද්ගලයින් 260 දෙනෙක්ට මරු කැඳවමින් පසුගිය ජුනි මස ඉන්දියාවේ අහ්මදාබාද් සිදු වූ බිහිසුණු ගුවන් අනතුරට ප්‍රධාන හේතුව එන්ජිම සඳහා ඉන්ධන සැපයීම අක්‍රීය වීම බව මුලික විමර්ශන වාර්තාවකින් හෙළිව තිබෙනවා.

ලන්ඩන් බලා පිටත් වූ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් මෙම යානය අහ්මදාබාද් ගුවන්තොටුපොළෙන් පිටත් වී සුළු මොහොතකට පසු වෛද්‍ය විද්‍යාලිය නේවාසිකාගාර ගොඩනැගිල්ලට කඩා වැටී අනතුරට ලක් වුණා.

මේ හේතුවෙන් යානයේ සිටි එක් මඟියෙකු හැර සෙසු සියලු දෙනාම ජිවිතක්ෂයට පත්ව තිබුණා.

ඉන්දීය ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශයේ වාර්තාවට අනුව යානයේ ඉන්ධන පාලන ස්විච්චයේ සිදුවූ අනපේක්ෂිත චලනයකින් එන්ජින්වලට ඉන්ධන සැපයීම සිදුවී නොමැත.

අනතුරින් පැය 49කට පියාසැරි දත්ත සහ පැය දෙකක නියමු කුටියේ ශ්‍රව්‍ය ඇතුළුව ගුවන් යානයේ කළු පෙට්ටියේ පටිගත දත්ත අනුව මෙම තොරතුරු හෙළිව තිබෙනවා.

මෙම පරීක්ෂණ වාර්තාවට අනුව එන්ජින් දෙකෙහිම ඉන්ධන පාලන ස්විචයන් ‘තත්පර 1ක කාල පරතරයකින් එකින් එක RUN සිට CUTOFF ස්ථානයට මාරු කරන විට’ ගුවන් යානය 180ක (airspeed of 180 knots) වේගයකට ළඟා වී ඇති බව සඳහන්.

පටිගත දත්ත අනුව එක් නියමුවෙකු අනෙක් ගුවන් නියමුවාගෙන් ‘RUN සිට CUTOFF’ ලෙසට මාරුකළේ ඇයි දැයි විමසා තිබෙනවා.

එහිදී අනෙක් නියමුවා ඊට පිළිතුරු ලෙස ලබාදී ඇත්තේ තමා එසේ නොකළ බවයි.

මේ හේතුවෙන් අදාළ ස්විචය යළි තිබිය යුතු ස්ථානයට ආපසු හරවන අතරතුර මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වනවා.

මෙම පාලන ස්විච්චය ස්වයංක්‍රියව ක්‍රියා නොකරන අතර එය ගුවන් නියමුවන් විසින් සිදුකරන කාර්යයකි.

ගුවන් විශ්ලේෂකයන් පැවසුවේ මෙලෙස ඉන්ධන ස්විචය අක්‍රිය වනුයේ අතිශය දුර්ලභ අවස්ථාවකදී බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *