විදුලි බිල්පත් සම්බන්ධයෙන් ජනතාව වෙත සහන ලබාදීම සඳහා රුපියල් මිලියන 17,213ක මූල්‍යමය සහනාධාරයක් ලබාදීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව ඊයේ (23) පාර්ලිමේන්තුවේදී සංශෝධන රහිතව සම්මත වුණා.
2026 වර්ෂය සඳහා රේඛීය අමාත්‍යාංශ වෙත වෙන් කර ඇති නමුත්, වසර අවසානය දක්වා උපයෝජනය නොවන බවට හඳුනාගෙන ඇති ප්‍රතිපාදන මගින් මෙම පරිපූරක ඇස්තමේන්තුව සඳහා අවශ්‍ය මුදල් වෙන්කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මෙම ප්‍රතිපාදන මාරු කිරීම විසර්ජන පනත මගින් අනුමත කරන ලද සමස්ත වියදම් සීමාවට හෝ රජයේ උපරිම ණය ගැනීමේ සීමාවට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.
මෙම පරිපූරක ඇස්තමේන්තුවට ඊයේ (22) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී විවාදයට ගැනීමෙන් අනතුරුව ඊට අදාළ කාරක සභාවේ පූර්ණ අනුමැතිය ද හිමිවුණා.
මේ අතර අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගනු ලැබූ අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන සංශෝධන පනත් කෙටුම්පත ද සංශෝධන රහිතව සම්මත වූ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.







Leave a Reply