බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් මුම්බායි හි ගෝල්ඩන් ටුබැකෝ චිත්‍රාගාරයේ “කිං” චිත්‍රපටයේ ක්‍රියාදාම දර්ශනයක් රූගත කරමින් සිටියදී අනතුරකට ලක්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුරින් ඔහුගේ මාංශ පේශි ආබාධයකට ලක්ව ඇති බවයි.
ඒ අනුව ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා අමෙරිකා එක්සත් ජනපදයට ගෙන ගොස් ඇති අතර ඔහුට විවේක ගන්නා ලෙස උපදෙස් දී තිබෙනවා.
ඉන්දීය ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය මත ෂාරුක් ඛාන්ගේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල රූගත කිරීම් නැවත ආරම්භ කිරීමට පෙර මාසයක නිවාඩුවක් ගත කර ඇති බවයි.
මේ අනුව ජුලි සිට අගෝස්තු දක්වා කිං චිත්‍රපටයේ රූගත කිරීම සඳහා වෙන් කරවා ගත් ඇතැම් ස්ථාන නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇති බව වාර්තා වනවා.
කිං චිත්‍රපටයේ රූගත කිරීම් ඉන්දියාවේ සහ යුරෝපයේ සිදු කිරීමට නියමිත බව තිබුණා.







Leave a Reply