Loading...

මහ නාහිමිවරුන් ජනපතිට යැවූ ලිපිය සුජීව එළියට දායි

ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමුකරන ලද ලිපියක් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා අද (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රසිද්ධ කර තිබෙනවා.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මහ නාහිමිවරුන්ගේ ස්ථාවරය ඇතුළත් මෙම ලිපිය මඟින් අදාළ ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවයි සුජීව සේනසිංහ මහතා සඳහන් කළේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ගය සුදුසු නොවන බව මහ නාහිමිවරුන්ගේ අදහස වී ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සුජීව සේනසිංහ මහතා සඳහන් කළේ, වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63ක් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65ක් ලෙස සඳහන් වන බවයි.

එම වයස් සීමාවන් ඉහළ නැංවීමට රජය කටයුතු කිරීම සුදුසු නොවන බව මහ නාහිමිවරුන්ගේ ලිපියේ අවධාරණය කර ඇති බවද ඔහු සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *