Loading...

Storm Chandra නිසා එංගලන්තයේ ජන ජීවිතයට බාධා

එක්සත් රාජධානියට බලපෑ ඇති ‘Storm Chandra’ නමින් හැඳින්වෙන කුණාටුව හේතුවෙන් විශාල ප්‍රදේශවල දැඩි සුළං හා ජල ගැලීම් තත්ත්ව හටගෙන තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කළේ මෙම කාලගුණ තත්ත්වය හේතුවෙන් එක්සත් රාජධානියේ මාර්ග රැසක් වසා දැමීමට සිදුව ඇති බවයි.

තවද නාවික හා ගුවන් සේවා රැසක් ද අවලංගු කර ඇති බව සඳහන්.

අයහපත් කාලගුණය හේතුවෙන් එංගලන්තයේ සහ උතුරු අයර්ලන්තයේ ඇතැම් ප්‍රදේශවල පාසල් වසා දමා තිබෙනවා.

කුණාටුව පැයට කිලෝමීටර් 130කට ආසන්න දක්වා සුළං වේග වාර්තා වීම සමඟ දේපල දහස් ගණනක් විදුලි සැපයුමට බාධා එල්ල වී ඇති බව සඳහන්.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ එංගලන්තයේ, ස්කොට්ලන්තය සහ වේල්සය යන ප්‍රදේශවල වර්ෂාව, සුළං සහ හිම සඳහා අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක කරන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *